Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2023 21:14:10 Hours

වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් එන්.ඒ.එම්.පී. නාගහවත්ත ආර්එස්පී අගෝස්තු මස 3 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු භාරගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් එන්.ඒ.එම්.පී. නාගහවත්ත ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එම අවස්ථාව සඳහා වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් කේ.කේ.එස්. පැරකුම් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය සඳහා පත්කෙරිණි.