Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2023 19:21:36 Hours

යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සහ සීෂෙල්ස් ජාතික හෑන්ඩ්බෝල් කණ්ඩායම අතර සුහද හෑන්ඩ්බෝල් තරගාවලියක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සහ සීෂෙල්ස් හෑන්ඩ්බෝල් ජාතික කණ්ඩායම අතර සුහද හෑන්ඩ්බෝල් තරගාවලියක් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින පැවැති අතර, එහි ජයග්‍රහණය යුද්ධ හමුදා කණ්ඩායමට හිමිවිය.

තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 32 -24 ක් ලෙස සීෂෙල්ස් ජාතික හෑන්ඩ්බෝල් පිරිමි කණ්ඩායම පරදවමින් යුද්ධ හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම තරඟය ජය ගැනීමට සමත් විය. ඒ සමගම පැවති කාන්තා කණ්ඩායම් තරඟයෙන් ලකුණු 22 - 19 ක් ලෙස යුද්ධ හමුදා කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම පරාජය කරමින් සීෂෙල්ස් කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරඟය අවසානයේදී මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් සීෂෙල්ස් ජාතික හෑන්ඩ්බෝල් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා ජාතික හෑන්ඩ්බෝල් සම්මේලනයේ සභාපතිවරුන්ට යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් සිහිවටන ලාංඡන දෙකක් පැළවීය.

සීෂෙල්ස් ජාතික හෑන්ඩ්බෝල් කණ්ඩායම පසුගිය සෙනසුරාදා (ජූලි මස 29) දින මෙරටට පැමිණි අතර, දෙරටේම ක්‍රීඩකයින් පුහුණුකරුවන් සමගින් පුහුණුවීම් කටයුතු සඳහා මෙන්ම පුහුණුවීම් සහ විනෝදාස්වාදජනක වැඩසටහන් සඳහාද එක් වූහ.

අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩී, ශ්‍රී ලංකා ජාතික හෑන්ඩ්බෝල් සම්මේලනයේ නිලධාරීන් සමඟින් සහභාගී වූහ.