Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2023 07:50:47 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්හි නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.

ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. එම සංචාරය සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනී සිටියහ. සංචාරය අතරතුර මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර යූඑස්පී විසින් ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්හි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරන ලදී. අනතුරුව එතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්තේය.

මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්‍රථමයෙන් මුලතිව්හි පිහිටි යුද්ධ හමුදා මුලික රෝහල වෙත නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. පසුව 6 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කඳවුර වෙතද නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව්හි සියළුම භටපිරිස් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් ඇමතීය. අනතුරුව එතුමන් 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා කඳවුර වෙත සහ 6 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුර වෙතද නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

සංචාරය අවසානයේදී බ්‍රිගේඩියර් ඩී.ඒ අමරසේකර යූඑස්පී විසින් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. එතුමන් කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබීය. මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.