Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2023 07:34:55 Hours

ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම 11 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින පල්ලෙකැලේ පිහිටි 11 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව 10 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

නිල සංචාරය සනිටුහන්කරමින් කඳවුරු පරිශ්‍රයෙහි අඹ පැළයක් රෝපණය කල එතුමන් 11 පාබල සේනාංකයේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. අනතුරුව එම සේනාංකයේ සියළු භටපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වෙමින් භටපිරිස් සමගින් සුහඳව අදහස් හුවමාරු කරගත්තේය. වැඩසටහන් මාලාව සඳහා බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.