Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2023 19:05:08 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ‘ජනජය සදන සමග්ඝ ශ්‍රී දේශබන්දු’ ගෞරව නාමය පිරිනැමේ

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් ප්‍රදේශයේ බුද්ධ ශාසනයේ චිරස්තිතිය උදෙසා සිදුකරනු ලබන කැපවීම් අගයමින් දිඹුලාගල ශාසනාරක්‍ෂක බලමණ්ඩලය විසින් ‘ජනජය සදන සමග්ඝ ශ්‍රී දේශබන්දු’ යන ගෞරව නාමය පසුගිය ඉරිදා (ජුලි මස 30) දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී එතුමන් වෙත පිරිනමන ලදී.

නැගෙනහිර පළාතේ දේශමාමක, මහජන ආරක්‍ෂාව සහ සුබසාධනය වෙනුවෙන් තම සේවය ඉටුකිරීමට කැපවී සිටින ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන් ඇගයීමට ලක්කරමින් වාර්ෂිකව මෙම ගෞරව සම්මානය පිරිනැමේ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති තමන්කඩුව දෙපළාත ප්‍රධාන සංඝනායක පූජ්‍ය සිංහපුර චේතියලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත එම ගෞරව නාමය ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ද වෙතද ‘ජනජය සදන සමග්ඝ ශ්‍රී දේශබන්දු’ සම්මානය පිරිනැමිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් එම උත්සව අවස්ථාව අතරතුරදී දහම් පාසල් සිසුන් සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම ද සිදුවිය. උත්සව අවස්ථාව වර්ණවත් කිරීම සදහා දහම් පාසල් දරු දැරියන් විසින් නර්තන අංග කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී.

වැලිකන්ද ප්‍රදේශයේ පැවති මෙම උත්සවයන් සඳහා දිඹුලාගල ප්‍රදේශයේ මහා සංඝරත්නය, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන්, සංවිධායක මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් ද සහභාගි වූහ.