Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2023 19:00:22 Hours

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දේශණයක් පවත්වයි

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් සඳහා මෙම වසරේ දෙවන කාර්තුවේ පැවති ‘ඩයිනර්ස් ක්ලබ්’ සැසියේදී ‘Pathway to a Successful Military Career’ මැයෙන් හරවත් දේශණයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ශිෂ්‍ය නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔවුන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරත වූවේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක, බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරව පිරිනමන ලදී. ඉන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය. එතුමන් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පරිපාලන කටයුතු පිළිබඳව විමසීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී එම විද්‍යාලයේ සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් අදහස් හුවමාරු කර ගත්හ.

දේශණය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ඇතුළුව 150 සහභාගි වූ අතර, දේශණය මගින් මෙම විෂය පිළිබඳ එතුමන් සතු දැනුම සහ අත්දැකීම් ශිෂ්‍ය නිලධාරීන් සමඟින් බෙදාගනිමින්, යුද්ධ හමුදාවේ වත්මන් නිලධාරීන් මුහුණදෙන අභියෝගයන් පිළිබඳව පැහැදිළි කිරීමක් ද සිදුකළේය.