Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2023 19:18:01 Hours

101 වන ‘ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය – 2023’ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි

ජාතික මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 101 වන ‘ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය – 2023’, 2023 ජූලි මස 28 සිට 30 දින දක්වා සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරඟවැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් දිනාගැනීමට සමත් වූහ.

යුද්ධ හමුදා මළල ක්‍රීඩාවට නව පරිච්ඡේදයක් එක්කරමින් මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 1500, මීටර් 5000, මීටර් 10000, මීටර් 110 කඩුලු පැනීම, මීටර් 400 කඩුලු පැනීම, උස පැනීම, දුර පැනීම, තුන්පිම්ම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම යන ඉසව් තුලින් ජයග්‍රහණ ලබාගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා සියැසින් දැකබලාගැනීම සඳහා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ උප සභාපති සහ කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් ජී.ආර්.ආර්.කේ.එස්. ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී සහ 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීතුමන් සහභාගී වූහ.

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව පිහිටවූ 1950 වර්ෂයේ සිට මේ දක්වා ඔලිම්පික් පදක්කම්ලාභීන් සහ ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ මළල ක්‍රීඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් බිහිකර ඇත.

තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ: