Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2023 18:11:47 Hours

23 පාබල සේනාංකයේ සංවත්සර දිනය නිමිත්තෙන් ප්‍රජා මූලික වැඩසටහනක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් කිරිමිච්චෝඩේ, ජී.ටී.එම් පාසලේ සිසුසිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් පොත්, උපකරණ බෙදාදීමේ ප්‍රජා මූලික වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 20) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.පී.එන් ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව දානපතියෙකු විසින් මෙම වැඩසටහන සඳහා රුපියල් 150,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී. එහිදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පාසල් පොත්, පාසල් උපකරණ, ක්‍රීඩා භාණ්ඩ, පෑන් සහ පැන්සල් ආදිය අඩංගු ඇසුරුම් බෙදාදුන් අතර, අනතුරුව යුද්ධ හමුදාවේ ඇති සුහදතාවය සංකේතවත් කරමින් එම සියලු දරුවන් වෙත දිවා භෝජන සංග්‍රහයක් ලබා දෙන ලදී.

උත්සව අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 233 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 23 පාබල සේනාංකයේ සහ 233 පාබල බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, 6 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ භටපිරිස් රැසක් සහභාගී වූහ.