Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2023 21:40:20 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය ඉරිදා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරය ද හොබවනු ලබයි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එච්.සී.ආර්. සිරිවර්ධන ආර්එස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී. කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ආරාධනා කරනු ලැබීය. නව රෙජිමේන්තු අධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට එක් වු නව රෙජිමේන්තු අධිපතිතුමන් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූ මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ නව රෙජිමේන්තු අධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු භටපිරිස් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය. මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.