Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2023 21:33:17 Hours

59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ නන්දිකඩාල් ප්‍රදේශයේ ස්ථාපිත 59 පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පසුගිය සිකුරාදා (ජූලි මස 14) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

නව සේනාංකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.