Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2023 21:36:38 Hours

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රතිස්ථාපනය කරනු ලැබූ 243 පාබල බලසේනාවේ නිල සංචාරයක

මඩකලපුව, කල්ලඩි ප්‍රදේශයේ පිහිටි 231 පාබල බලසේනාව, 243 පාබල බලසේනාව ලෙස ප්‍රතිස්ථාපනය කිරීමෙන් අනතුරුව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය බදාදා (ජුලි මස 12) දින එම බලසේනා මූලස්ථානයේ සහ 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරතවිය.

243 පාබල බලසේනාව වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳ දැනුවත් කරනු ලැබීය. පසුව, 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් එම බලසේනාව පිළිබඳ සේනාංකාධිපතිතුමන් දැනුවත් කළේය.

243 පාබල බලසේනාවේ සංචාරය සමාප්තියේ මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරය කරනු ලැබීය. එහිදී එතුමන් විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා 24 පාබල සේනාංකය, 243 පාබල බලසේනාව සහ 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.