Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2023 18:27:23 Hours

විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවාචාරය

කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ජුලි මස 14) දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එතුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සියලු භටපිරිස් අමතා තම සේවා කාලය තුලදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුද කළ අතර, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දනූෂා වීරසූරිය මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් ද සහභාගි වූහ.

උත්සව අවස්ථාව සමාප්තියේදී මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා පාබල හමුදා විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.