Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 21:30:21 Hours

233 පාබල බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් ප්‍රජා මූලික ව්‍යාපෘතීන් රැසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 233 පාබල බලසේනාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල වැසියන්ගේ සෞඛ්‍ය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය ඉරිදා (ජුලි මස 09) දින ජංගම වෛද්‍ය සායනයක් සහ වාකරේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් රුපියල් 200,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ පොත් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පවුල් වෛද්‍ය ඒකකයේ සහ වෛද්‍ය පීඨයේ අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වෛද්‍ය සායනයේදී දෘෂ්ඨි පරීක්‍ෂාව, ශ්‍රවණ හා කථන පරීක්‍ෂණ, BMI පරීක්‍ෂාව, රුධිර පීඩන පරීක්‍ෂාව, රුධිර සීනි පරීක්‍ෂාව, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වෛද්‍ය ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.

වාකරේ මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවති ජංගම සායනය සඳහා සිවිල් වැසියන් 200 කට අධික පිරිසක් සහභාගී වූ අතර ඔවුන් රෝග නිවාරණය සඳහා අවශ්‍ය උපදේ සහ ඖෂධ ලබාදුන් අතර, සියලුම වෛද්‍ය පරීක්‍ෂණයන් ද නොමිලේ සිදුකළහ.

මෙම වැඩසටහනේදී, රු. 250,000/= ක වටිනාකමකින් යුත් ඖෂධ සහ ඇස් කණ්නාඩි ද බෙදාදෙනු ලැබීය. මහාචාර්ය ජනක රාමනායක, වෛද්‍ය දිනූෂා පෙරේරා සහ විශ්වවිද්‍යාල වෛද්‍ය වෘත්තිකයන් 31 දෙනෙකුගේ සහයෝගය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස්. ද සිල්වා ආර්එස්පී විසින් සම්බන්ධීකරණය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 233 පාබල බලසේනාවේ හිටපු බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස්. ද සිල්වා ආර්එස්පී, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.අයි.එම්. චන්ද්‍ර කුමාර යූඑස්පී, 6 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.එල්.අයි. රත්නායක යූඑස්පී ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.