Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 21:14:46 Hours

ආරක්‍ෂක සේවා ක්‍රීඩා බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් සුවිශේෂී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ජූලි මස 12 සහ 13 දෙදින තුළ පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ ආරක්‍ෂක සේවා ක්‍රීඩා බොක්සිං තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් සුවිශේෂී දස්කම් දැක්වූහ.

මෙම තරඟාවලියේදී, යුද්ධ හමුදා පිරිමි බොක්සිං ක්‍රීඩකයින් තරඟ ඉසව් 10 කින් රන් පදක්කම් 08 ක් සහ රිදී පදක්කම් 02 ක් දිනාගනිමින් පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනාගත් අතර යුද්ධ හමුදා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් සමස්ත තරඟ ඉසව් හතරෙන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම ශූරතාවය දිනාගත්හ.

පිරිමි කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.පී. ධර්මසේන සහ කාන්තා කාණ්ඩයේ හොඳම පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල එම්.ජී.එම්.ටී. දසුනිකා දිනාගනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඕ.ඒ.එන්.එස්. ප්‍රනාන්දු තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත්‍ සහ කුසලාන ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං කමිටුවේ ලේකම් කර්නල් ඒ.කේ.ඩී. අධිකාරි යූඑස්පී, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

තරගාවලියේ සුවිශේෂි දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

කිලෝග්‍රෑම් 49 න් පහළ (පිරිමි) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එල්.පී. ජයවර්ධන - රන් පදක්කම

කිලෝග්‍රෑම් 52 න් පහළ (පිරිමි) - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.පී. ධර්මසේන - රන් පදක්කම

කිලෝග්‍රෑම් 56 න් පහළ (පිරිමි) - විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර්. ප්‍රසන්න - රන් පදක්කම

කිලෝග්‍රෑම් 56 න් පහළ (පිරිමි) - විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් ආර්.එම්.පී.කේ.කේ. රත්නායක - රන් පදක්කම

කිලෝග්‍රෑම් 81 න් පහළ (පිරිමි) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් වයි.එස්.පී. සුදම්ම - රන් පදක්කම

කිලෝග්‍රෑම් 91 න් පහළ (පිරිමි) - විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් පී.ඒ.ආර්.එස්. රූපසිංහ - රන් පදක්කම

කිලෝග්‍රෑම් 91 න් පහළ (පිරිමි) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මාණ්ඩලික සැරයන් ඒ.ආර්.බී.ඊ. තිලකරත්න - රන් පදක්කම

කිලෝග්‍රෑම් 51 න් පහළ (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එස්.එච්. ප්‍රියදර්ශනී - රන් පදක්කම

කිලෝග්‍රෑම් 57 න් පහළ (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ දෙවන ලුතිනන් බී.ඩී.ආර්. මෙන්ඩිස් - රන් පදක්කම

කිලෝග්‍රෑම් 75 න් පහළ (පිරිමි) - විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ආර්. සඳකැළුම් - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 64 න් පහළ (පිරිමි) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල එල්.එස්. නයනානන්ද - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 60 න් පහළ (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල එම්.ජී.එම්.ටී. ධනුෂීකා - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 69 න් පහළ (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල වයි.ජී.ඒ.එම්. අමරතුංග - ලෝකඩ පදක්කම