Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 00:35:43 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නිහි ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාංගන, බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත එම මුලස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ස්කොෂ් ක්‍රීඩා පිටිය, ටෙනිස් ක්‍රීඩා පිටිය, බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය පසුගිය අඟහරුවාදා (11) දින භටපිරිස් වෙත පවරා දෙන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද එම ක්‍රීඩාංගණයන්හි ප්‍රදර්ශන ක්‍රීඩා තරගයන් පවත්වමින් ක්‍රීඩා පිටි නැවත විවෘත කරනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරීගේ සහ බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරී‍ගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කළ අතර, අනතුරුව එතුමන් එම ජ්‍යෙෂ්ඨ කොමිස් නොලත් නිලධාරීන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් නිසි ප්‍රමිතීන්ට අනුව සති කිහිපයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කරනු ලැබීය. පැවති ප්‍රදර්ශන තරගය අවසානයේ ක්‍රීඩකයින්, විනිසුරුවන් සහ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාවෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුවිය.