Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2023 20:36:50 Hours

යුද්ධයෙන් දිවිපිදු විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහි කෙරේ

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 131 දෙනෙකු සහ සෙසුනිලයන් 2864 දෙනෙකුගේ අමිල මෙහෙවර සිහිපත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ රණවිරු අනුස්මරණ උත්සවයක් විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී 2023 ජූලි මස 10 දින පැවැත්විණි.

ජාතික ගීතය, යුද්ධ හමුදා ගීතය සහ විජයබාහු පාබල රෙජිමේන්තු ගීතය අනුපිළිවලින් ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරු ගුණානුස්මරණ උත්සවය ආරම්භ කරන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එස්. යූ.එම්. එන් මානගේ ඩබ්ලිව්ඩබිලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී. එම්. කේ. ඩී. බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විජබාහු පාබල රෙජිමේන්තු මන්ත්‍රන සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසුනිලයන් එක්ව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්මත්‍රණ සභා සභික බ්‍රිගේඩියර් පී.ඒ.ඩී.ටී.යූ පෙරේරා විසින් පිළිගැනීමේ කතාව සිදුකරමින් එම අවස්ථාවට එක්වූ සියලු දෙනාගේ පැමිණීම අගය කළේය. දශක තුනක පමණ කාලයක් පැවති රුදුරු ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමට විජයබාහු පාබල රෙජිමේන්තුවේ වීරෝදරා රණවිරුවන් සිදුකළ අපරිමිත කැපකිරීම සිහිපත් කරමින් ‘රණ බෙර’ හඩ මධ්‍යයේ විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති එම රෙජිමේන්තුවේ සියලු නිලධාරීන් සහ සෙසුනිලයන් මෙන්ම දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් අමතමින් වීරෝදාර රණවිරුවන් සිදුකළ අපිරිමිත කැපකිරීම් කිසිදිනක අමතක නොවන බවත් එවන් කැපකිරීම් කළ පවුල්වල සාමාජිකයන් වන ඔබ වෙත ඇතිවන ඕනෑම ප්‍රශ්ණයකට විසදුමක් ලබාගැනීමට විජයබාහු රෙජිමේන්තුව වෙත පැමිණෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය. එම අවස්ථාවට එක්වූ දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් වෙනුවෙන් ඉටිපන්දම් සහ සුවඳ හදුන්කූරු දල්වා ගෞරවාචර එක්කළේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එස්. යූ.එම්. එන් මානගේ ඩබ්ලිව්ඩබිලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඒ.ඩී.ජේ.ඩී. ගුණතිලක ආර්එස්පී යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනුස්මරණ උත්සව අවස්ථාව සඳහා සපැමිණි විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සුහද පිළිසඳරක නිරත වෙමින් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.

අනුස්මරණ උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහභාගී වූහ.