Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2023 20:33:02 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් රාජකාරි අරඹයි

54 පාබල සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී පසුගිය අඟහරුවාදා (ජුලි මස 04) දින මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 පාබල සේනාංක මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නව සේනාංකාධිපතිතුමන් සේනාංකයේ අභිවෘද්ධිය පිළිබඳ එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිලි කළ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.