Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2023 21:50:03 Hours

එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රථම ‘Exercise Falcon Strike I - 22/23’ යුද අභ්‍යාසය සාර්ථකව අවසන්

ලෙබනනයේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ප්‍රථම ‘Exercise Falcon Strike I - 22/23’ යුද අභ්‍යාසය 2023 ජුනි මස 22 දින ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මූලස්ථාන ආධාරක ඒකක පුහුණු ශාඛාව, ඉන්දුනීසියානු හමුදා ආරක්‍ෂණ ඒකකය, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භඨ කණ්ඩායම, ටැන්සානියානු හමුදා ඒකකය, එක්සත් ජාතීන්ගේ අතුරු බලකා රෝහල සහ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා ආරක්‍ෂක අංශයේ නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

දිවා රාත්‍රී අභ්‍යාසයන්හිදී පිරිස් පාලනය කිරීම, රොකට් ප්‍රහාර දියත් කිරීම, අනවසර රථවාහන කඳවුරට බලහත්කාරයෙන් ඇතුළු කිරීම, කැරලි මර්ධනය, තර්ජනාත්මක අවස්ථා යනාදී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ අතර මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා පුහුණු කරනු ලැබීය. ඒ සඳහා වැඩමුළුවේදී ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ 4 ක්, කැරලි මර්දන නිලධාරීන් 20 දෙනෙක්, ගුවන්විදුලි ක්‍රියාකරුවන්, වෛද්‍ය නියෝජිතයන් සහ පුහුණු සුනඛයන් ද දායක කරගනු ලැබීය.