Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2023 21:45:37 Hours

උසස්වීම් ලද ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

අභිනවයෙන් උසස්වීම් ලබා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන වෙත සපැමිණි 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ජුනි මස 29) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

එතුමන් එහිදී රැස්ව සිටි භටපිරිස් අමතා, මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව සිය ස්තූතිය පුද කළ අතර, කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.