Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2023 21:58:58 Hours

විශ්‍රාම දිවියට එළබෙන වෛද්‍ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට කොළඹ යුද්ධ හමුදා රෝහලේ ගෞරවාචාරය

කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු භටපිරිස් විසින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත විකිරණ රශ්මි විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ජුනි 28) දින එම රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

රෝහල් පරිශ්‍රය වෙත සපැමැණි මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජේ.පී විතානආරච්චි ආර්ඩබ්ලිව්පී යූඑස්පී සහ එම රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී විජේරත්න විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

එතුමන් එම අවස්ථාවට රැස්ව සිටි සියලුම භටපිරිස් අමතමින් තම යුද්ධ හමුදා සේවා කාලය තුළ රාජකාරි ඉටුකිරීමේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකළේය. අනතුරුව යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී විසින් එතුමන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගි වූහ.