Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2023 21:31:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් යාපනය, ශ්‍රී ඥානදුර්ගා අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් යාපනය, එළුත්තුමඩුවාල් උතුර, ශ්‍රී ඥානදුර්ගා අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින සිදු කරන ලදී.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ අතර පවතින සුහදතාවය සහ සහජීවනය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටන සංවිධානය කරනු ලැබීය.

වැඩසටහන සඳහා 25 දෙනෙකුට අධික යුද්ධ හමුදා භටපිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් ද එක්ව සිටි අතර, වාර්ෂික කෝවිල් මංගල්‍යය ජූලි මස මුලදී පැවැත්වීමට නියමිතව ඇත.