Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2023 21:42:56 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය වෙනුවෙන් සිය නිර්මාණ ඉදිරිපත් කරයි

කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව මෙරට කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් දිරිගැන්වීම සහ නඟා සිටුවීමේ අරමුණින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද ‘කර්මාන්ත - 2023’ කාර්මික ප්‍රදර්ශනය පසුගිය 22 - 25 දිනයන්හිදී පැවැත්විණි.

ප්‍රදර්ශනයේදී දේශීයව එකලස් කරන ලද සහ දේශීයව නිෂ්පාදනය කරන ලද රථ වාහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත කර්මාන්ත අමාත්‍යාංශය මගින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී ගේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද සන්නද්ධ වාහන සහ උපකරණ එහිදී ප්‍රදර්ශණය කරන ලදී.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් නිෂ්පාදනය කරන ලද රථ වාහනවලට අමතරව, ප්‍රදර්ශණ කුටි මගින් එම නිර්මාණයන්හි ආකෘතින් ප්‍රදර්ශණය කරන ලද අතර, එම ප්‍රදර්ශණ කුටි නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් වැඩි උනන්දුනක් දැක්වීය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මගින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටිය නැරඹීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, ස්විට්සර්ලන්ත තානාපති සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු තවත් බොහෝ පිරිසක් පැමිණ සිටියහ.

ප්‍රදර්ශනයට සමගාමීව පසුගිය බදාදා (21) දින ගාලු මුවදොර සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද පහත සඳහන් රථ වාහන යුධ හමුදාවේ අභිමානය විදහාපාමීන් රථ පෙළපාලියක් ද පවත්වනු ලැබීය.

UNI - Artificial Intelligent Mobile Operational Vehicle

Mine Resistance Ambush Protected Vehicle -MRAPV

Ladder Vehicle

UNI Avalon

UNI Buffel

Ambulance

UNI Colt Truck

UNI Colt Gully Bowser