Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2023 21:38:07 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් පේදුරුතුඩුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් සහ පේදුරුතුඩුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමඟ එක්ව සන්කොටෙයි සිට උරනි දක්වා ඇති වෙරළ තීරයේ ගොඩගැසී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බදාදා (28) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් විසින් ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් බෝතල් සහ විවිධ අපද්‍රව්‍ය වලින් එම මුහුදු තීරය අපවිත්‍රවී පැවතීම හේතුවෙන් පරිසර දූෂණය සහ වියළි කාලගුණයක් පවතින කාලයන්හිදී නොයෙකුත් සෞඛ්‍ය ගැටළු ඇති වීමේ උග්‍ර අවදානමක් ඇති විය හැක.

පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ සහයෝගයද මෙම වැඩසටහන සඳහා හිමිවූ අතර, ඒ සඳහා යුද්ධ හමුදා භටපිරිස්, පේදුරුතුඩුව නගර සභා සේවක මහතුන්, ග්‍රාම සංවර්ධන කමිටු , ක්‍රීඩා සමාජ සාමාජිකයින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සාමාජිකයින්, පොලිස් නිලධාරීන් සමඟින් පාසල් සිසුන්ද එක් වූහ.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 551 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීමට සිය ශ්‍රම දායකත්වය ලබා දුන්හ.