Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2023 21:44:13 Hours

68 පාබල සේනාංකයේ භටපිරිස් මුලිකත්වයෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි

මානුෂවාදී හමුදාවක් ලෙස සහෝදරත්වයේ බැදීම් ශක්තිමත් කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි 68 පාබල සේනාංක මූලස්ථානයේ සියලුම නිලයන් තම පුද්ගලික මූල්‍ය දායකත්වය ලබාදෙමින් මුල්ලිවයික්කාල් (නැගෙනහිර) පදිංචි ලාන්ස් කෝප්‍රල් පී.කේෂියා සහ ඇයගේ පවුලේ සමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට අවශ්‍ය කටයතු සම්පාදනය කරනු ලැබීය.

දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන ඇයගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම නව නිවස ඉදිකිරීමට පසුගිය සඳුදා (26) දින මුල්ගල තැබූහ. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.

නව නිවස ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම 16 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ලබාදෙනු ලැබේ.