Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2023 22:26:00 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති මුලතිව් - 66 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන පසුගිය අඟහරුවාදා (27) දින 66 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

එහිදී, එතුමන් 66 පාබල සේනාංක මූලස්ථානය, 661, 662 සහ 663 පාබල බලසේනා, 66 පාබල සේනාංක බලඇණි පුහුණු පාසල සහ 11(සෙව්) ගජබා රෙජිමේන්තු කඳවුරු වෙත නිල සංචාරයේ නිරත විය.

සංචාරයන් අතරතුර 66 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, බලසේනා බලසේනාධිපතිවරුන් සහ 11(සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වත්මන් කාර්යභාරය සහ වගකීම් පිළිබඳව එතුමන් වෙත සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.

මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන එම බලසේනා සහ බලඇණිවල සියළු භටපිරිස් අමතමින් සිය දැක්ම පිළිබඳව ද අදහස් දැක්වීය.