Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2023 22:05:51 Hours

මූලස්ථාන ආරක්‍ෂක භට ඛණ්ඩය ලෙබනනයේ මැරතන් තරගයට සහභාගී වේ

ලෙබනන් මලල ක්‍රීඩා සම්මේලනයේ සහ අභ්‍යන්තර ආරක්‍ෂක අංශ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ අභ්‍යන්තර ආරක්‍ෂක බලකායේ (ISF) පොදු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අභ්‍යන්තර ආරක්‍ෂක බලකායේ අර්ධ මැරතන් තරගය ඉකුත් ඉරිදා (ජුනි 11) දින ලෙබනනයේ බීරූට්හිදී පැවැත් විය.

“We run together despite everything” යන තේමාව යටතේ අඛණ්ඩව 13 වැනි වරටත් මෙම මැරතන් ධාවන තරඟය සංවිධානය කරන ලද අතර විවිධ ක්‍රීඩා සමාජ සහ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ධාවකයන් 1600 කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම ලෙබනනයේ තනි ධාවකයන් (පිරිමි සහ කාන්තා) ලෙබනනයේ සන්නද්ධ හමුදාවන් ( LAF), අභ්‍යන්තර ආරක්‍ෂක හමුදා (ISF), සාමාන්‍ය ආරක්‍ෂක හමුදාව, රාජ්‍ය ආරක්‍ෂක හමුදාව, රේගුව, බීරූට් ගිනි නිවන හමුදාව සහ ලේබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානය, නියෝජනය කරමින් තරඟකරුවන් ඒ ඒ වයස් කාණ්ඩ යටතේ තරගයට සහභාගි වූහ.

ලේබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයේ මූලස්ථාන ආරක්‍ෂක භට ඛණ්ඩය (SLFPC) නියෝජනය කරමින්, පහත දැක්වෙන තරඟකරුවන් කිලෝමීටර් 21.1ක් දුර අර්ධ මැරතන් තරගය පැය 3කට අඩු කාලයකින් නිම කරමින් පදක්කම් දිනා ගත්හ.

කපිතන් එම්.එස්.එම් දිසානායක - විශේෂ බලකාය

බනි II එස්.ඩබ්ලිව් ගුණසිරි - ශ්‍රී ලංකා සංඥා බලකාය

බනි II ඩබ්ලිව්.ජී ප්‍රියන්ත කුමාර - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කෝප්‍රල් කේ.පී නුවන් සංජීව - විශේෂ බලකාය

කෝප්‍රල් ටී.ජී.ඒ.පී.එන්.එම් සමන්ත කුමාර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

කෝප්‍රල් බී.එම්.පී.ආර් පියතිස්ස - යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් එච්.එම්.ඩී.එම් ජයතිලක - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව