Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2023 22:13:51 Hours

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සංචාරයක

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්ඩී ෆයිසූර් රහුමාන් එස්ජීපී බීඑස්පී එන්ඩීසී ඒඑෆ්ඩබ්ලිව්සී පීඑස්සී (Major General Md Faizur Rahman SGP BSP ndc afwc psc) ඇතුළු තවත් මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙක් පසුගිය සඳුදා (ජූනි මස 26) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සංචාරයක නිරත වූහ.

සංචාරයේ නිරත බංගලාදේශ දූත පිරිස, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඇතුළු කාර්යය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල පිළිබඳ හඳුන්වාදීම සඳහා කෙටි වීඩියෝපටයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ පුහුණුව ලබන යුද්ධ හමුදා සාමාජිකයන් විසින් අවි ආයුධ ප්‍රදර්ශනයක්, වෙඩි තැබීමේ නිදර්ශනයක් සහ සැඟවුණු වෙඩික්කරු නිදර්ශනයක් ද ඉදිරිපත් කළහ.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් බංගලාදේශ දූත පිරිස වෙත කරනු ලැබූ ආගන්තුක සත්කාර වෙනුවෙන් මේජර් ජෙනරල් එම්ඩී ෆයිසූර් රහුමාන් එස්ජීපී බීඑස්පී එන්ඩීසී ඒඑෆ්ඩබ්ලිව්සී පීඑස්සී එම පුහුණු පාසල් කාර්යය මණ්ඩලය වෙත සිය ස්තූතිය පුදකළේය. ඉන් අනතුරුව, බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණී.