Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2023 19:48:18 Hours

143 පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකළ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කෙරේ

පුත්තලම ප්‍රදේශයේ පිහිටි 143 පාබල බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටු කරමින් එම මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය පසුගියදා විවෘත කරන ලදී.

143 පාබල බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 16 ගජබා රෙජිමේන්තුව සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් මාස 16 කට අඩු කාලයක් තුළදී මෙම නිවස්නය ඉදිකරනු ලැබීය.

නව බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ්. කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය ඉරිදා (18) දින සහභාගී විය.

බ්‍රිගේඩියර් ටී.එම්.එෆ්. කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 2022 පෙබරවාරි මාසයේදී නව බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.

නව බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය ඉඩකඩ සහිත භෝජනාගාරක්, රූපවාහිනී නැරඹුම් මැදිරියක් සහ විවේක ගැනීම සඳහා විසිත්ත කාරමයකින්ද සමන්විත වේ.