Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2023 19:36:04 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී 2023 ජුනි මස 16 සහ 17 දෙදින තුළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයේ නිරතවූයේය.

සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (ජුනි මස 16) දින එතුමන් 22 පාබල සේනාංක මූලස්ථානය, 221 පාබල බලසේනාව, 20 ගජබා රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සංචාරය කළ අතර පසුදින (ජුනි මස 17) 223 පාබල බලසේනාව, 222 පාබල බලසේනාව, 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 15 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 24 විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයේ සංචාරය කළේය.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම මූලස්ථානයන්හි කාර්යභාරය පිළිබඳ මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සවිස්තරාත්මකව දැනුවත් කළේය. පසුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම සංචාරය අතරතුර, මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සේරුවිල විහාරස්ථානය වැඳපුදාගත්තේය.

මෙම සංචාරය සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.