Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th June 2023 19:41:04 Hours

යුද්ධ හමුදා භටපිරිස් කහගොල්ල ශ්‍රී ඥානාරාම ආරණ්‍ය සේනාසනයේ සංඝාවාස ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

කහගොල්ල ශ්‍රී ඥානාරාම ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීන් 3 දෙනෙක් සහ සෙසුනිලයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ආරණ්‍ය සේනාසනයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ පළමු මහල කපරාරු කර පසුගිය සිකුරාදා (ජුනි මස 09) දින භික්‍ෂූන් වහන්සේලා වෙත පූජාකරනු ලැබීය.

භික්‍ෂූන් වහන්සේලා සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත භටපිරිස් විසින් භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා වැඩවසන ගොඩනැගිල්ල කපරාරු කිරීම සඳහා සිය විශේෂඥ දැනුම සහ ශ්‍රම දායකත්වය නොමසුරුව ලබාදෙන ලදී.