Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2023 16:50:12 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය 51 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය අඟහරුවාදා (ජූනි මස 13) දින කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 පාබල සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය එතුමන්ගේ අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රෙය් පැළයක් රෝපණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. අනතුරුව, එම සේනාංකයේ සේනාංකාධිපති සහ මාණ්ඩලික නිලධාරින් විසින් එම සේනාංකයේ කාර්යභාරය පිළීබඳ එතුමන් දැනුවත් කළහ. නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහය අතරතුරදී එතුමන් සේනාංකයේ නිලධාරින් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරත විය.

කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම සේනාංකය යටතේ කන්කසන්තුරේ ප්‍රදේශයේ ස්ථාපිත කඳවුරු කිහිපයක ද සංචාරයක නිරත විය.

නිල සංචාරය සඳහා බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.