Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd April 2023 18:51:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව අලුත් අවුරුද්ද සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඒ. එස්. එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී 2023 අප්‍රේල් 17 වන දින පවත්වන ලදී.

යුද්ධ හමුදාවේ සියලු සාමාජිකයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය කියවන ලදී. එහි සඳහන් පරිදි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආදර්ශවත් හැසිරීම සහ ඔවුන් සියලු අභියෝග මධ්‍යයේ දී මාතෘ භූමියේ සහ එහි ජනතාවගේ ආරක‍්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන කැපකිරීම් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් කෙරිනි.

සාම්ප්‍රදායික අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැනක් දෙමින් තේපැන් සංග්‍රහයක් පවත්වනු ලැබු අතර, ඒහිදි සේනාවිධායකතුමන් විසින් එම මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් ආයතනය වෙත ලබා දුන් සේවාවන් අගයකරමින් විශේෂ ත්‍යාග පාර්සල් ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධයක තුමන් මෙම අවස්ථාව සඳහා පැමිණ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් සමග සුහඳ පිළිසදරක නිරතවූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්. ටී. කේ. ආර්. සිල්වා කේඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් අවුරුදු සුභපැතුම් හුවමාරු කර ගත්හ.