Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2023 18:06:49 Hours

මුලතිව් බලප්‍රදේශයේ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බලප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු වල පහසුව සඳහා කාන්තා සෙබළියන්ගේ දායකත්වයෙන් ‘ක්‍ෂණික විහිදුම් කාන්තා යතුරුපැදි කණ්ඩය’ ලෙස කාන්තා යතුරුපැදි කණ්ඩායමක් පසුගියදා ආරම්භ කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත මාසයක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා 4 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට අයත් කාන්තා සෙබළියන් 8 දෙනෙකු සඳහාගී වූහ.

පසුගිය සිකුරාදා (21) දින පැවති පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, එම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද කාන්තා සෙබළියන් වෙත යතුරුපැදි උපකරණ පිරිනමනු ලැබීය.