Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2023 21:25:10 Hours

විනයාරක්‍ෂාධිපතිතුමන් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 2023 අප්‍රේල් මස 24 දින ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

එම මූලස්ථානය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිතුමන්, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එම්.ඩී.එස්.යූ.කේ වීරසිංහ යූඑස්පී පීඑස්සී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

විනයාරක්‍ෂාධිපතිතුමන් හමුදා පොලිස් රාජකාරිවල කාර්යභාරය හා සබැඳි වෘත්තීයමය කරුණු පිළිබඳ පැහැදිලි කරමින් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව කඳවුරු සංචාරයක ද නිරත විය.

අණදෙන නිලධාරිතුමන් සිය ඒකකයේ ක්‍රියාකාරී කටයුතු පිළිබඳ සවිස්තරාත්මකව විනයාරක්‍ෂාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරියේ නියුතු සියලුම නිලධාරීන් සමඟ සිය අදහස් හුවමාරු කරගත්තේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් එම ඒකකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.