Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2023 18:49:18 Hours

ගුවන් සංග්‍රාමික බලසේනාවේ 29 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයට අයත් ගුවන් සංග්‍රාමික බලසේනාවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් අප්‍රේල් මස 29 සිට මැයි මස 01 දින දක්වා සැමරුම් උත්සවයක් පැවැත්වීය.

අප්‍රේල් මස 29 දිනට යෙදුනු සංවත්සර දිනයේදී ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සිදුකරනු ලැබූ රුක් රෝපණ වැඩසටහනකට සහභාගී වෙමින් පැළ 29 ක් රෝපණය කළේය.

අනතුරුව භටපිරිස් ඇමතූ ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපතිතුමන් කොනොනි සමාජ ශාලාවේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වූවේය.

ධර්ම දේශනාවක් පවත්වමින් දිවංගත රණවිරුවන් සහ සේවයේ නියුතු සියලුම රණවිරුවන් වෙත පිං අනුමෝදන් කළ අතර පසු දින දානමය පිංකමක් ද පැවැත්වීය.