Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2023 18:56:11 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක

ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 28) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

එම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ඩී.එස්.එල්. කුමාරසිරි පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ 7 ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ ‘නා’ පැළයක් රෝපණය කළේය. අනතුරුව, එම ඒකකයේ අණදෙන නිළධාරී විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම තොරතුරු තාක්‍ෂණ කටයුතු සහ පරිපාලන කටයුතු පිළිබඳ සංචාරයේ නිරත ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක දැනුවත් කළේය.

මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් වෘත්තීය ජීවිතය තුළ විනය පිළිබඳ ඉහළම මට්ටමින් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කළේය.

දේශනය සමාප්තියේ, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් ප්‍රධාන සංඥා නිලධාරි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය. පසුව එතුමන්ගේ සුරතින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත යුද්ධ හමුදා ගුවන්විදුලි සම්ප්‍රේශණ මැදිරි සහ සංඥා කුළුණුවල සේවය කරනු ලබන සෙසුනිලයන් වෙනුවෙන් ජල ගීසර් යන්ත්‍ර (water geezers) සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කළේය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම කර්නල් සේනාවිධායකතුමන් එම ඒකකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.