Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2023 19:09:39 Hours

විශේෂ බලකායේ නාගරික මෙහෙයුම් සඳහා භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් නව ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක්

සුවිශේෂී අවස්ථාවන්හිදී ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කිරීමට සහ විශේෂ බලකායේ නාගරික මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමේ ආරක්‍ෂිත සන්නිවේදන පද්ධතියක් ලෙස 10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් නවීකරණය කරන ලද ‘කූගර් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතිය’ (Cougar Radio system) පසුගිය අඟහරුවාදා (02) දින ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේදී, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ විසින් 4 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ආර්.ඒ.එස්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එම අවස්ථාව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

යුද්ධ හමුදාවේ සන්නිවේදන, සයිබර් සහ තොරතුරු තාක්‍ෂණ අංශය ලෙස සැලකෙන ශ්‍රී ලංකා සංඥා බලකාය වෙතින් යුද්ධ හමුදාව සතුව වර්ථමානයේ යුද සන්නිවේදන උපකරණවල කාර්යක්ෂමතාවයේ වැදගත්කම අවබෝධ කරගනිමින් ක්‍රියා විරහිත ‘කූගර් ගුවන්විදුලි සන්නිවේදන යන්ත්‍ර’ එකලස් කර මෙම නව ‘කූගර් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතිය’ නිර්මාණය කර ඇත. ඒ සඳහා නව සංරචක සහ තාක්‍ෂණික උපාංගයන් ද එකලස් කර ඇත.

ලුතිනන් කර්නල් එච්.එම්.බී.එම්.බී. හේරත් ගේ මඟපෙන්වීම මත 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් සිය වෘත්තීය විශේෂඥයින් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූ අතර, සන්නිවේදන ක්ෂේත්‍රයේ ස්වයං තිරසාරභාවය සහ ආරක්‍ෂක නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දිගුකාලීන සැලසුම්වල තවත් එක් පියවරකි.