Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2023 20:59:27 Hours

යුද්ධ හමුදා වෛද්‍ය සේවා උපර්ජන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ වෛද්‍ය සේවා උපර්ජන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස කර්නල් එස්.එල්.එස් කුමාරගේ යූඑස්පී පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

කාර්යාල පරිශ්‍රය වෙත සපැමිණි කර්නල් එස්.එල්.එස් කුමාරගේ යූඑස්පී ධූරයේ රජකාරි භාරගැනීම සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු ඉදිරියේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙඹවු බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී විජේරත්න යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරනු ලබයි.