Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2023 22:26:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්. ටී. කේ. ආර්. සිල්වා කේඑස්පී පසුගිය බදාදා (මැයි මස 10) දින පනාගොඩ පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කඳවුරේ පරිපාලන ක්‍රියා පටිපාටි නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් එම ඒකකයේ සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන්, 2 (ස්වේ‍ච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව අණදෙන නිළධාරී විසින් බලඇණියේ කාර්යභාරය පිළිබඳ එතුමන් වෙත පැහැදිලි කරන ලදී.

නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් එම ඒකකයේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ පුහුණුව, යහපැවැත්ම සහ සුභසාධනයේ වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කරමින් නිලධාරින් සහ භටපිරිස් දැනුවත් කළේය. තවද, තම බලප්‍රදේශය තුළ රාජකාරි ඉටුකිරීමේදී ඵලදායීතාවයකින් යුතුව රාජකාරි කටයුතුවල නිරතවීමේ අවශ්‍යතාව පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.