Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2023 19:40:09 Hours

නව වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂතුමන් රාජකාරි අරඹයි

වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් එන්.ඒ.එස්.සී. පෙරේරා මැයි මස 17 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම කෙටි උත්සවයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් කර්නල් එන්.ඒ.එස්.සී. පෙරේරා නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ බ්‍රිගේඩියර් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ ධූරය සඳහා පත්කෙරිණි.