Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2023 16:00:03 Hours

විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක කඳවුරු සංචාරයක නිරත වෙයි

විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් ඒ.එල්. ඉලංගකෝන් 5 සහ 6 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයන්හි සංචාරයක නිරත වූවේය.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් ඒ.එල්. ඉලංගකෝන් 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් එම්. සුද්දාගල විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. පසුව, ඡායාරූප කිහිපයක් සඳහා එක් වූ එතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව කොනොනි සමාජ ශාලාවේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූවේය.

6 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම ඒකක මූලස්ථානයේදී ද, එතුමන් ඡායාරූප සඳහා එක්වීම, භටපිරිස් ඇමතීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීම වැනි හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් සඳහා සහභාගී වූවේය.