Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2023 19:14:59 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 56 වන සේනාංක මූලස්ථානයේ සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ජනවාරි මස 16 සහ 17 යන දෙදින තුළ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානයේ සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ සංචාරයන්හී නිරත වෙමින් එම මූලස්ථානයන්හී සේවයේ නියුතු භටපිරිස් ඇමතීම සහ එම ඒකකයේ රාජකාරි කටයුතු පිළිබඳ විමසා බලනු ලැබීය.

එම මූලස්ථාන පරිශ්‍රයන් වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම මූලස්ථාන පරිශ්‍රයන් වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive past) ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතූ එතුමන් ඉදිරි නඩත්තු ප්‍රදේශ මූලස්ථාන පරිශ්‍රයේ සහ 56 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළ රෝපණය කළේය.

සංචාරයන් නිම කරමින් කඳවුරු පරිශ්‍රයන්ගෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්හී සමරු සටහන් ද තැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 56 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සමඟ සමූහ ඡායාරූප සඳහා ද පෙනී සිටියේය.

මෙම සංචාරයන් සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.