Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2023 16:30:39 Hours

බලපිටිය මුහුදුතීරයේ පැවති පිහිනුම් තරඟාවලියේ ජය යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 12 වන ජාතික විවෘත පිහිනුම් තරඟාවලිය (කි.මී. 5) දිවයින පුරා ක්‍රීඩා සමාජ 13 ක පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 22 දින බලපිටිය මුහුදුබඩ ප්‍රදේශයේදී පැවති අතර තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සමත්වූහ.

යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බළපිටිය මුහුදුබඩ ප්‍රදේශයේ පැවැත්වෙන මෙම පිහිනුම් තරඟාවලියේ ජයග්‍රහණය 2010 වර්ෂයේ සිට අඛණ්ඩව රැකගනිමින් එම තරඟාවලියේ ආධිපත්‍ය රැකගනිමින් සිටිති. 2023 වසර සඳහා වන ශූරතා කුසලානය යුද්ධ හමුදා කණ්ඩායමේ නායක ඩබ්ලිව්.එම්.බී.එල් අබේරත්න වෙත පිරිනමන ලදී.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙමින් ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදෙනු ලබයි.

2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් බී.ඩී. ෂෙහාන් හොඳම පිහිනුම් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.