Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2023 23:56:07 Hours

විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධනට ගැමුණු හේවා බලකායේ ගෞරවාචාර

පාබල හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා ගේ මූලිකත්වයෙන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන වෙත සමුදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (10) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ගැමුණු හේවා බලකායේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සුරාජ් ගමගේ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, සම්මාන මුරයේ ගෞරවාචාර පුදකරනු ලබීය.

පසුව, බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. එදින සන්ධ්‍යාවේ විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරියා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය. එහිදී, දේශනයක් පැවැත්වූ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා විසින් බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන ගේ සේවය ඇගයීමට ලක් කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. බ්‍රිගේඩියර් ජනක් ජයවර්ධන විශ්‍රාම යාමට පෙර 641 වන බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූවේය.