Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2023 00:20:47 Hours

ඉන්දීය කොන්සල් ජනරාල් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට හමුවිය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සපැමිණි නට්‍රාජ් මහතා ඇතුළු දූත පිරිස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ධම්මික කරුණාපාල සමග සුහඳ සාකච්ඡාවක නිරත වූහ.

මෙම සැසියේදී, ප්‍රජාව සම්බන්ධව දියත්කරනු කරනු ලබන ව්‍යාපෘති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංහිඳියාව සහ ජනවාර්ගික සහජීවනය පිළිබඳ සංකල්ප වැඩිදියුණු කිරීම සඳහා ඉවහල්වන පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී.

පසුව පැවැති තේපැන් සංග්‍රහයෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී. අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ නිලධාරින් දූත පිරිස සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.