Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 19:56:31 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

වසර 33 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් හමුදා සාමාජිකයින් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ කුරුණෑගල දොරටියාව සුසාන භූමියේදී ඉකුත් සඳුදා (16) දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් සහභාගී වූ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) ගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාලතුවක්කු ගැල (gun carriage) මත අභිමානවත් අයුරින් තැන්පත් කර යුද්ධ හමුදා භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) ගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සංවේගාප්‍රාප්ත පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.

මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර විසින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ධම්මික කාරියවසම් (විශ්‍රාමික) සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අවසන් කටයුතු යුද්ධ හමුදා විධායක ජෙනරාල් ශාඛාවේ ඍජු අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකෙරිණි.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සංවේගප්‍රාප්ත තවත් බොහෝ පිරිසක් ද සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ: