Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 19:35:53 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 54 වන පාබල සේනාංකයේ භටපිරිස් අමතයි

54 වන පාබල සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මේජර් ජෙනරාල් චම්පක රණසිංහ 54 වන පාබල සේනාංක මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් සිය ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එම සේනාංකයේ සියළු භටපිරිස් අමතා යුද්ධ හමුදාව තුල විනය උසස් ලෙස රැක ගනිමින් කැපවීමෙන් යුතුව රාජකාරි කරන ලෙස ද යුද්ධ හමුදාවේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා පුහුණුවීමේ ඇති වටිනාකම පිළිබඳවද වැඩිදුරටත් අවධාරණය කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් 54 වන සේනාංකයේ සිදුකරනු ලැබූ නිල සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක්ද රෝපණය කරන ලද අතර, ඉන් අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක්විය.