Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 19:54:31 Hours

14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ 641 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින පවත්වනු ලැබීය.

14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් රෝහල් බලධාරීන් සමඟ සහයෝගයෙන් යුතුව මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය.