Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 05:30:07 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 68 වන සේනාංකයේ පළමු නිල සංචාරයක් සිදුකරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර පසුගිය බදාදා (11) දින 68 වන සේනාංකයේ නිල සංචාරයක නිරත විය.

68 වන සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් දර්ශන විජේසේකර වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිණි.

මේජර් ජෙනරල් දර්ශන විජේසේකර එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර, එහිදී 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම විසින් එම සේනාංකය අදාල බල ප්‍රදේශයේ සිදුකරනු ලබන කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.

සංචාරය අතරතුර එතුමන් සියළු භටපිරිස් අමතමින්, වර්තමානයේදී යුද්ධ හමුදාව වෙත එල්ල වන විවිධ තර්ජන සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අඛණ්ඩ පුහුණු වීම් කටයුතු සිදුකිරීමේ වැදගත්කම පිළිබඳවත් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහල නැංවීම සඳහා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ආදර්ශවත් හැසිරීමේ වැදගත්කම පිළිබඳව වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් විසින් 68 වන සේනාංකයේ සිදුකරනු ලැබූ පළමු නිල සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කරන ලදී.

එම සංචාරයෙහි සමාප්තිය සනිටුහන් කරමින්, මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් එම සේනාංකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.