Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2023 17:10:26 Hours

6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් පාසල් පාවහන් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන පාබල සේනාංකයේ 682 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් පුතුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වලෙයිමඩම් මේරි පෙර පාසලේ ඉගෙනුම ලබන අඩුආදායම් ලාභී පවුල්වල දරුදැරියන් සඳහා රුපියල් තුන්දහස් තුන්සියයක (රු.3300.00) වටිනාකමකින් යුත් පාසල් පාවහන් යුගල පහක් ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (9) දින ක්‍රියාත්මක කරන ලදී.

6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.ඩී.එස් දිසානායක සහ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම පරිත්‍යාගයන් සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වන ලදී. පාවහන් බෙදාදීමේ අවස්ථා සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ පාසල් කාර්යය මණ්ඩලය සහභාගී වූහ.